Friday, September 7, 2012

DC Voltage Regulator ( වෝල්ටිතා ස්තායිකාරකය )

       අපි මුලිම්ම බලමු මොකටද අපි සරල ධරා (DC) වෝල්ටිතා ස්තායිකාරකය (voltage regulator )  එකක් බවිතා කරන්නෙ කියලා. අපි හිතමු අපිට ඕනෑ උනා කියලා යම්කිසි පරිපතයකට (circuit) එකකට හරියටම 5V දෙන්න එතකොට අපිට බාවිතා කරන්න වෙනවා voltage regulator එකක් . අපි හිතමු එකට 5V වියලි කෝෂයක් යොදාගත්තා කියලා එත් ධාරාවක් (current) ගමන්  කරණ voltage එක අඩු වෙනවා එක  එම පරිපතයකට හානිදායක වෙන්න පුළුවන් එම එම නිසා voltage regulator පරිපතයක් බාවිතය වඩාත් යෝග්‍යි.


අප බහුල වසයෙන් යොදාගන්න  voltage regulator කාණ්ඩයක් වන්නේ 78XX . 

5V  ——————— LM 7805
12V ———————LM 7812
VIEW OF 7805
7805 Input ලෙස   7V සිට  35V  දක්වා ඇති ඕනෑම සරළ ධාරා ප්‍රභවයක් භාවිත කළ හැකි ය. 

7805 Pin පිහිටා ඇති ආකාරය පහත රුපසටහනේ දක්වා ඇත 

7805 Pin Connection Diagram



වෝල්ටිතා ස්තායිකාරකයට පෙර හා පසු ධාරීත්‍රක මගින් බල සැපයුමේ තිබිය හැකි වෙනස් විමී ඉවත් කර වඩාත් සුමටනය වූ විදුලි සැපයුමක් ලබාගැනීමට හැකි වේ.

Voltage Regulator පරිපතයක් සදහා මුද්‍රිත පරිපත පුවරුවක් (PCB) භාවිතා කිරීමෙන් වඩාත් සුමටනය වූ විදුලි සැපයුමක් ලබාගැනීමට සුදුසු වේ.
PCB of Voltage Regulator 



සුදුසු පරිදි තාප නිවාරකයක් ( heat shield ) 7805 දිගුකල් භාවිතයට වඩාත් සුදුසු වේ.


No comments:

Post a Comment